• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'පිබිදෙමු පොළොන්නරුව' වැඩසටහනට සමගාමීව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යාපෘති කාර්යාල ගොඩනැඟිල්ල හා එම භූමියේ සිදු කරනු ලබන සංවර්ධන කටයුතු
- 'පිබිදෙමු පොළොන්නරුව' ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව පූජා නගරය ආශ්‍රිත කලාපය උරුම නගරයක් වශයෙන් සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යාපෘති කාර්යාලය ස්ථාපිත කරනු ලැබ ඇති 19 වන සියවසට අයත් ගොඩනැඟිල්ල එහි සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කර දේශීය හා විදේශීය සංචාරකයින්ට ආකර්ෂණීය වන පරිදි සංස්කෘතික උරුම කළමනාකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක්, පුරාවිද්‍යා තොරතුරු මධ්‍යස්ථානයක් හා දේශීය අහාර හා දේශීය කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන අලෙවි හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. එම සංවර්ධන කටයුතුවලට සමගාමීව එම කාර්යාලය ඉදිරිපිටින් දිවෙන කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම නිසා ඉවත් කිරීමට නියමිත අලෙවිසැල් ප්‍රතිස්ථාපනය සඳහා කුඩා අලෙවිසැල් 22කින් යුත් දෙමහල් වෙළඳ සංකීර්ණයක්ද එම භූමිය තුළ කඩිනමින් ඉදි කිරීම සඳහා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.