• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැලිගම පොල් කොළ මැළවීමේ හා කුණුවීමේ රෝග මර්දන වැඩසටහනේ ප්‍රගතිය ඉදිරිපත් කිරීම
- දකුණු පළාතේ පැතිරී පවතින වැලිගම පොල් කොළ මැළවීමේ හා කුණුවීමේ රෝගය හේතුවෙන් පොල් වගාවට සිදු වී ඇති හානිය වැළැක්වීම සඳහා එම රෝග මර්දන වැඩසටහන 2018 සිට 2020 දක්වා තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබිණි. මෙම ව්‍යාපෘතිය යටතේ රෝගයට බඳුන් වූ පොල් ගස් හඳුනාගැනීම, ඉවත් කිරීම සඳහා සලකුණු කිරීම, ඉවත් කරන පොල් ගසක් සඳහා රුපියල් 3,000/- බැගින් ඉඩම් හිමියන් වෙත වන්දි ලබා දීම, රෝගය පිළිබඳ දැනුවත් කිරීම, විකල්ප ආර්ථික බෝග ලබා දීම සහ රෝග ප්‍රතිරෝධී පොල් ප්‍රභේදයන් නිපදවීම සඳහා පහසුකම් සංවර්ධනය කිරීම සිදු කරනු ලැබේ. මෙම රෝග මර්දන ව්‍යාපෘතිය යටතේ 2018 වර්ෂයේ මුල් කාර්තුව තුළ රෝගයට බඳුන් වූ පොල් ගස් 832ක් ඉවත් කර ඇති බවත්, තවත් පොල් ගස් 819ක් ඉවත් කිරීම සඳහා හඳුනාගෙන ඇති බවත් අමාත්‍ය මණ්ඩලයේ දැනගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.