• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැංවීමේ පියවරයන් පිළිබඳ සමුළුවේ (CICA) සාමාජිකත්වය ශ්‍රී ලංකාව විසින් ලබාගැනීම
- ආසියානු කලාපය තුළ සාමය ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂාව සහ ස්ථාවරභාවය පිළිබඳ සහයෝගිතාවය වැඩි කිරිම සඳහා වන බහු ජාතික සංසදයක් වශයෙන් මෙම සමුළුව 1992 වසරේදී ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකාව දැනට මෙම සමුළුවේ නිරීක්ෂණ රාජ්‍යයක් වශයෙන් කටයුතු කරන අතර, ඉන්දියාව, චීනය, රුසියාව ඇතුළු රටවල් 26ක් මෙම සමුළුවේ සාමාජිකත්වය මේ වන විට ලබා ගෙන ඇත. මෙම සමුළුවේ වර්තමාන සභාපතිත්වය දරන චීනය විසින් එහි පූර්ණ සාමාජිකත්වය ලබා ගන්නා ලෙසට ශ්‍රී ලංකාවට ආරාධනා කර ඇති අතර, එමඟින් සාමාජික රාජ්‍යයන් සමඟ අන්තර් ක්‍රියාකාරිත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාවට අවකාශ ලැබී ඇත. ඒ අනුව, ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැංවීමේ පියවරයන් පිළිබඳ සමුළුවේ (CICA) සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.