• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම
- ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ සේවාවන් පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් සම්පාදනය කරගැනීම පිණිස ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව සමඟ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව, වසර 5 1/2ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, වසර 06ක සහන කාලයක් සහිතව වසර 33ක් තුළදී මෙම ණය මුදල පියවීමටත් එකඟ වී ඇති බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදී.