• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ පොහොර සහනාධාරය යටතේ බෙදාහැරීම පිණිස පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2018 ජුනි
- ගොවි ජනතාව වෙත සැපයීම සඳහා රජය විසින් සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් රසායනික පොහොර ආනයනය කරනු ලැබේ. ඒ යටතේ 2018 ජුනි මාසයේ බෙදාහැරීම සඳහා අවශ්‍ය මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 6,000ක් මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 311.74 බැගින් සිංගප්පූරුවේ M/s. Valency International Trading (Pvt) Ltd. වෙතින්ද, යූරියා මෙට්‍රික් ටොන් 18,000ක් මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 280.90 බැගින් අබුඩුබාහි M/s. Agri Commodities and Finance FZE වෙතින්ද ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි මිල දී ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.