• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු පළාතේ පැතිර යමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා රෝගය පාලනය කිරීමට අවශ්‍ය හදිසි ක්‍රියාමාර්ග ගැනීම
- ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය මත රෝගීන් 2,000ක් පමණ පසුගිය මාස 02ක කාලසීමාව තුළ දකුණු පළාතේ රෝහල්වලට ඇතුළත් වී ඇති අතර, එම කාලය තුළදී ඉන් රෝගීන් 11 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වී තිබේ. මෙම රෝගය පාලනය කිරීම සඳහා කඩිනම් ප්‍රතිකාර සේවා සැපයීම, රෝගීන් වෙන් කිරීමේ ස්ථාන ඇති කිරීම ඇතුළු පියවර රැසක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලැබ තිබේ. මෙම රෝගය එම පළාත තුළ සහ ආසන්න ප්‍රදේශවල පැතිර යාම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අදාළ රෝහල් වෙත කඩිනමින් සැපයිය යුතු අතිරේක වෛද්‍ය උපකරණ, අනෙකුත් උපකරණ හා පහසුකම් නොපමාව ලබා දීම පිණිස අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වැඩබලන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.