• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වඳවී යෑමේ තර්ජනයට ලක් වී ඇති සත්ව හා ශාක විශේෂ සම්බන්ධ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ගිවිසුමේ (CITES) පාර්ශ්වකරුවන්ගේ 18 වන ජාත්‍යන්තර සම්මේලනය සඳහා සත්කාරකත්වය දැරීම
- වඳවී යෑමේ තර්ජනයට ලක් වී ඇති සත්ව හා ශාක විශේෂ සම්බන්ධ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ගිවිසුමේ (CITES) පාර්ශ්වකරුවන්ගේ 18 වන ජාත්‍යන්තර සම්මේලනය 2019 මැයි මස 22 දින සිට ජුනි 03 දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. මෙම සම්මේලනය සංවිධානය කිරීමේ වගකීම එවකට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය වෙත පැවරී තිබූ නමුත්, 2018 03 28 දිනැති අංක 2064/26 දරන ගැසට් නිවේදනය මඟින් එම වගකීම බුද්ධශාසන අමාත්‍යාංශය වෙත පවරනු ලැබ තිබේ.

ඒ අනුව, එම සම්මේලනය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් වඳවී යෑමේ තර්ජනයට ලක් වී ඇති සත්ව හා ශාක විශේෂ සම්බන්ධ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ගිවිසුමේ (CITES) ලේකම් කාර්යාලය සමඟ ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තැබීම පිණිස බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.