• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රැකියා විරහිත උපාධිධාරින් අදියරගත පදනමින් පුහුණු කිරීම
- රැකියා විරහිත උපාධිධාරින් සඳහා රැකියා ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, වයස අවුරුදු 45ට අඩු ඉල්ලුම් කරන ලද සියලුම රැකියා විරහිත උපාධිධාරින් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවර ගැනෙනු ඇත. ඔවුන් අතුරින් උපාධිධාරින් 5,000ක් 2018 ජූලි මාසයේදීද, 15,000ක් 2018 සැප්තැම්බර් මාසය තුළදීද පුහුණුව සඳහා බඳවා ගැනීමට සැලසුම් කර තිබේ. පුහුණු කාලය තුළදී ඔවුන්ට රුපියල් 20,000/-ක මාසික දීමනාවක් ලබා දෙනු ලැබේ. ඉතිරි උපාධිධාරින් 2019 වර්ෂයේදී අදියර වශයෙන් පුහුණු කිරීමට සැලසුම් කර තිබේ.

මෙම රැකියා විරහිත උපාධිධාරින් පුහුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, පුහුණුව සම්පූර්ණ කරනු ලබන උපාධිධාරින් අතුරින් සංවර්ධන නිලධාරි ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් සපුරන උපාධිධාරින් සංවර්ධන නිලධාරි පුරප්පාඩු සඳහා බඳවා ගැනීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.