• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද අවිනිශ්චිත වියදම්වල ඉතුරුම් ඵලදායී ලෙස උපයෝජනය කිරීම
- ග්‍රාමීය ප්‍රදේශයන්හි පාලම් ඉදි කිරීම සඳහා වෙන් කරන ලද අවිනිශ්චිත වියදම්වල ඉතුරුම් යොදා ගනිමින් මුල් කොන්ත්‍රාත් ගිවිසුම්වල සඳහන් ගාස්තු යටතේම ග්‍රාමීය පාලම් 35ක් සහ සෑම පළාතක් සඳහාම මීටර 36ක දිගකින් යුත් තාවකාලික පාලම් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එහෙත් යෝජිත පරිදි පළාත් මට්ටමින් තාවකාලික පාලම් 09 වෙනුවට ගංවතුරෙන් හානියට පත් අත්‍යවශ්‍ය ස්ථානයන් තෝරා ගෙන අතිරේක පාලම් 15ක් ඉදි කිරීම වඩාත් සුදුසු බව ජාතික මෙහෙයුම් කමිටු රැස්වීමේදී යෝජනා වී ඇත.

ඒ අනුව, පළාත් මට්ටමින් තාවකාලික පාලම් 09ක් ඉදි කිරීම වෙනුවට අත්‍යවශ්‍ය ස්ථානයන්හි පිහිටි, මෑතකදී ගංවතුරෙන් හානි වූ පාලම් වෙනුවට වානේ පාලම් 15ක් ඉදි කිරීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.