• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෝහාරික විගණනයන්/විමර්ශන පැවැත්වීම සඳහා ජාත්‍යන්තර විගණන සමාගමක/සමාගම්වල සේවය ප්‍රසම්පාදනය කිරීම
- මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වී ඇතැයි කියනු ලබන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා‍ව විසින් එම විමර්ශනය අවසානයේ ලබා දෙන ලද වාර්තාව අනුව, එහි දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් වෝහාරික විගණන සිදු කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ සඳහා මනා පරිචයක් හා විශේෂඥතාවක් සහිත ස්වාධීන සමාගමක/සමාගම්වල සේවය ලබාගැනීම සුදුසු බව යෝජනා වී ඇති අතර, සුදුසු එවැනි සමාගමක් තෝරා ගැනීම සඳහා උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.