• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සැපයීම, සවිකිරීම, පරීක්ෂා කිරීම හා හැසිරවීම සඳහා වූ ප්‍රසම්පාදනය
ද්විත්ව දුම්රිය මාර්ග සඳහා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති 25ක්ද, තනි දුම්රිය මාර්ග සඳහා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති 175ක්ද සැපයීම, සවිකිරීම, පරීක්ෂා කිරීම හා හැසිරවීම සඳහා වූ කොන්ත්‍රාත්තුව අවශ්‍ය පුහුණුව ලබා දීමද ඇතුළත්ව, M/s. N-Able (Pvt) Ltd. සහ මොරටුව විශ්වවිද්‍යාලයේ M/s. Uni Consultancy Services යන ආයතනයන්ගෙන් සැදුම්ලත් සාමූහිකයක් වෙත ප්‍රදානය කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටලු හේතුවෙන් ඇති වී ඇති ප්‍රමාදයන් සැලකිල්ලට ගෙන එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී ඇති කාලය මාස 12කින් දීර්ඝ කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.