• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැවිලි ප්‍රදේශ සඳහා වන නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීම
- වැවිලි ප්‍රදේශ සංවර්ධනය වෙනුවෙන් පිහිටුවීමට යෝජනා කරනු ලැබ ඇති නව ගම්මාන සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා විධිවිධාන සලසමින් සකස් කරනු ලැබ ඇති, වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.