• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහජනතාව වෙත කඩිනමින් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන
- සියලුම පුරවැසියන් සඳහා භූමියෙහි හිමිකම ලබා දීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ රජයේ ඉඩම්වල පදිංචි පුද්ගලයින් දසලක්ෂයක් සඳහා දීමනා පත්‍ර/බලපත්‍ර ලබා දීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කරනු ලැබ තිබේ.‍‍ මේ යටතේ පොළොන්නරුව, මොරනරාගල, ගාල්ල හා අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල මීට අදාළ ප්‍රධාන වැඩසටහන් පවත්වා ඇත. ඉතිරි දිස්ත්‍රික්ක 21ට අදාළ ප්‍රධාන වැඩසටහන් හා එක් දිස්ත්‍රික්කයකට 03 බැගින් වූ ප්‍රාදේශීය වැඩසටහන් 2018 මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ සිදු කිරිමට නියමිතය. ඒ අනුව, සියලුම දිස්ත්‍රික්කවල හා ප්‍රාදේශීය මට්ටමින් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත අතිරේක භාණ්ඩාගාර ප්‍රතිපාදන සලසා දීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.