• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ව්‍යාපාර කටයුතු පහසුකරලීම සඳහා එක් සේවා කවුළුවකින් සේවා පහසුකම් ක්‍රියාත්මක කිරීමට හැකි වනු පිණිස රේගු ආඥාපනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික හා ආයෝජන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපාර ක්‍රියාවලියේ කාර්යක්ෂම බව හා සරල බව වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වන අතර, මේ සඳහා භාණ්ඩ මෙරටට ගෙන ඒමට ප්‍රථම නිෂ්කාෂණය හා ලේඛන රහිත රේගු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. එමඟින් නිෂ්කාෂණ කටයුතුවලදී ව්‍යාපාරිකයින්ට දැරීමට සිදුවන පිරිවැය හා කාලය අඩුවන අතර, ව්‍යාපාර කටයුතු පහසු කිරීමේ දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානය ඉහළ යනු ඇත.

මේ සඳහා විධිවිධාන සලසමින් රේගු ආඥා පනත සංශෝධනය කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, රේගු ආඥා පනත සඳහා ඇතුළත් කළ යුතු යෝජිත සංශෝධන කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබාදීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.