• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කලමැටිය ධීවර වරාය ඉදි කිරීම මගින් බලපෑමට ලක් වූ මාදැල් ධීවරයින් සඳහා සහන සැලසීම
- කලමැටිය ධීවර වරාය හා දියකඩනය ඉදි කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ සාම්ප්‍රදායික මාදැල් ධීවර කර්මාන්තයට බාධා ඇති වූ අතර, එමඟින් මාදැල් ධීවරයින් 28 දෙනෙකුට හා ඔවුන්ගේ යැපෙන්නන් 644 දෙනෙකුට අහිතකර බලපෑම් ඇති වී තිබේ. මේ හේතුවෙන් එකී මාදැල් හිමියන් හට සැලකිය යුතු වාර්ෂික ආදායමක් අහිමි වී ඇති බව හඳුනාගනු ලැබ තිබේ. ඒ වෙනුවෙන් මුදලින් වන්දි ගෙවීම වෙනුවට එම මාදැල් හිමියන් 28 දෙනා වෙනුවෙන් එකක් රුපියල් මිලියන 7.8ක් වන අඩි 36ක දිගින් යුත් බහුදින යාත්‍රා ලබා දීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම මාදැල් හිමියන් 28 දෙනා සඳහා වෙන් වෙන් වශයෙන් අඩි 36ක දිගින් යුත් බහු දින ධීවර යාත්‍රා ලබා දීමටත්, එම ධීවර යාත්‍රාවක පිරිවැයෙන් 50%ක් රජය මඟින් දැරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.