• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන
රාජ්‍ය අංශයේ විධායක නිලධාරින් සඳහා ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2010 වර්ෂයේදී මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන හඳුන්වා දෙන ලදී. කාර්යය රාමු දෙකක් යටතේ මේ වන විට නිලධාරින් 135 දෙනෙකු සඳහා එමඟින් අධ්‍යයන අවස්ථා හිමි වී තිබේ. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන ඉදිරි වසර 4ක් සඳහා අඛණ්ඩව පවත්වාගෙන යාමට ජපාන රජය එකඟ වී ඇත. ඒ යටතේ සෑම වර්ෂයකදීම පශ්චාත් උපාධි පාඨමාලා ශිෂ්‍යත්ව 15 ක් හා ආචාර්ය උපාධි පාඨමාලා ශිෂ්‍යත්ව 02ක් බැගින් ඉදිරි වර්ෂ 04 තුළ ලබා දීමට යෝජනා වී ඇත.

ඒ අනුව, යෝජිත මානව සම්පත් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජපන් යෙන් මිලියන 265ක ප්‍රදානයක් ලබා ගැනීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සමඟ ගිවිසුමක් අත්සන් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.