• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැදි ආදායම්ලාභී නිවාස ණය යො‍්ජනා ක්‍රමය පිළිබඳ 2018 අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීම
- මුල් වරට නිවසක් මිල දී ගනු ලබන මැදි ආදායම්ලාභීන්ට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මැදි ආදායම්ලාභී නිවාස සංවර්ධන ව්‍යාපෘති මඟින් නිවසක් ලබාගැනීම සඳහා සහාය වීමේ අරමුණින් 'මැදි ආදායම්ලාභී නිවාස ණය යෝජනා ක්‍රමය' 2018 අය වැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක කරනු ලැබේ. ප්‍රමාණවත් ඉඩම් ලබාගැනීමේ දුෂ්කරතා සහ ඉදි කිරීම් සඳහා කල්ගත වීම හේතුවෙන් රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන එකී නිවාස ව්‍යාපෘති මඟින් නිවාස ඉල්ලුම කඩිනමින් සපුරාලීම අපහසු බව හඳුනාගනු ලැබ තිබේ.

එබැවින්, මුල් වරට නිවසක් මිල දී ගනු ලබන මැදි ආදායම්ලාභීන්ට පෞද්ගලික අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘති වෙතින්ද නිවාස මිල දී ගැනීම සඳහා ඉඩ සලසමින් මෙම නිවාස ණය යෝජනා ක්‍රමය පුළුල් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.