• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාව '1990 සුවසැරිය පදනම' - අදියර II ක්‍රියාත්මක කිරීම
'1990 සුවසැරිය' හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතියි. බස්නාහිර හා දකුණ යන පළාත්වල පමණක් දැනට ක්‍රියාත්මක වන එම ගිලන්රථ සේවාව එහි දෙවන අදියර යටතේ, දිවයිනේ අනෙකුත් පළාත් වෙතද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15.02ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ. ඒ අනුව, '1990 සුවසැරිය පදනම' ස්ථාපිත කෙරෙන තුරු එම ගිලන්රථ සේවාවේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට අදාළ බදු වියදම් තම අමාත්‍යාංශය වෙතින් දැරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.