• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ඊට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කිරීම
- 2018 05 11 දින සිට සිදු කරන ලද ඉන්ධන මිල වැඩි වීමට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කරන ලෙස බස් සංගම් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, අවම බස් ගාස්තුව රුපියල් 10/-ක් වන පරිදි, අනෙකුත් බස් ගාස්තු 6.56%කින් වැඩි කිරීම පිණිස 2018 05 15 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී. එහෙත් එකී බස් ගාස්තු වැඩිවීම ප්‍රමාණවත් නොවන බවට බස් සංගම් විසින් නියෝජනයන් ඉදිරිපත් කරන ලදී. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා පදනම් කරගනු ලබන සූත්‍රයේ ඇතැම් විචල්‍ය අගයන් වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය විය යුතු බව රජය විසින්ද පිළිගනු ලැබ තිබේ. මෙම කරුණු සැලකිල්ලට ගෙන, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමතිතුමා සහ මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිතුමා විසින් බස් සංගම් සමඟ සාකච්ඡා පවත්වනු ලැබ තිබේ. එහිදී ඇති කරගත් එකඟතාව අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින්, ඉදිරි වසර 02ක කාලසීමාව තුළ නැවත බස්ගාස්තු සංශෝධනය කිරීමක් සිදු නොකිරීමේ කොන්දේසියට යටත්ව, 2018 මැයි මස 22 දින සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 10/-ක් වන අවම බස් ගාස්තුව රුපියල් 12/-ක් දක්වා වැඩි කිරීමටත්, අනෙකුත් බස් ගාස්තු 12.5%කින් වැඩි කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.