• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජනාධිපති කාර්යය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් පහක් (5) 'ආදර්ශ ගම්මාන' නිවාස වැඩසටහන තුළින් සමාජගත කිරීම
- නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා 2020 වසර වන විට ආදර්ශ ගම්මාන 2,500ක් අලුතින් ආරම්භ කිරීම සඳහා වන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර, මේ වන විට ආදර්ශ ගම්මාන 700ක වැඩ ආරම්භ කර තිබේ. ඉන් ගම්මාන 60ක් දැනටමත් ඉදි කර ප්‍රජා අයිතියට පත් කර ඇත. ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන 'වකුගඩු නිවාරණ ජාතික වැඩසටහන','පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන', 'ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන', 'මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන' මෙන්ම 'ළමයින් සුරකිමු ජාතික වැඩසටහන'ද මෙම ආදර්ශ ගම්මාන මට්ටමින් දියත් කිරීමෙන් එම වැඩසටහන් මඟින් අපේක්ෂිත අරමුණු කාර්යක්ෂමව ළඟ කරගත හැකි වනු ඇති බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව එකී වැඩසටහන් ආදර්ශ ගම්මාන නිවාස වැඩසටහන් තුළින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්පත් හා අදාළ ආයතන සම්බන්ධීකරණය කිරීම පිණිස ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමටත්, එහි ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සෑම මාස 06කට වරක් අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.