• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‍තෝරාගත් කර්මාන්ත සඳහා බන්ධිත ගුදම් පහසුකම් ස්ථාපනය කිරීම
- 2018 අය වැය අයවැය යෝජනා අනුව, ඖෂධ නිෂ්පාදන කර්මාන්තය, කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ ව්‍යාපාර යනාදිය සඳහා ප්‍රාග්ධන භාණ්ඩ ආනයනයේදී බදු සහන ලබා දීම හා රේගු නිශ්කාෂණයේදී ඇතිවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා පහසුකම් සැලසීම යෝජනා කරනු ලැබ තිබේ.

එකී කර්මාන්තයන් ස්ථාපිත කිරීම හෝ පුළුල් කිරීම සඳහා වන ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය සඳහා කටයුතු කරන දේශීය ආයෝජකයින් වෙත සහන සැලසීම මඟින් එම ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම මෙමඟින් අපේක්ෂා කෙ‍රේ. ඒ අනුව, ඖෂධ නිෂ්පාදන, කිරි ආශ්‍රිත නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්තිය නිපදවීම හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන කර්මාන්තවල නව ආයෝජන හා පුළුල් කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් බන්දිත ගුදම් පහසුකම් ක්‍රමයක් හඳුන්වා දීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.