• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සිසු සැරිය', 'ගැමි සැරිය' හා 'නිසි සැරිය' මගී බස්රථ සේවා සඳහා රජය විසින් ලබා දෙනු ලබන සහනාධාර මුදල වැඩි කිරීම
පාසල් ළමයින් සඳහා සහ විශ්වවිද්‍යාල, කාර්මික ආයතනවල හා ඒ හා සමාන වෙනත් ආයතනවල ශිෂ්‍යයන් සඳහා අනුග්‍රාහක ගාස්තු මත බස්රථ මගී ප්‍රවාහන සේවා සැලසීමත්, ලාභ නොලබන ග්‍රාමීය මාර්ගවල ජීවත් වන ජනතාවට බස් රථ සේවා සැලසීමටත්, පිළිවෙළින් 'සිසු සැරිය' හා 'ගැමි සැරිය' ව්‍යාපෘති රජය විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. රාත්‍රී අවසන් ගමන් වාරයේ සහ අලුයම ප්‍රථම ගමන් වාරයේ විශ්වාසනීය බව තහවුරු කිරීම සඳහා 'නිසි සැරිය' ව්‍යාපෘතියද ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙම මගී බස්රථ සේවාවන් ක්‍රියාත්මක කිරීම තවදුරටත් දිරි ගැන්වීම අවශ්‍ය වන අතර, ඒ අනුව, කාලීන පිරිවැය සැකිල්ලට ගෙන, එම මගී බස්රථ සේවාවන් සඳහා රජය විසින් ලබා දෙනු ලබන සහනාධාර පිරිවැය ඉහළ නැංවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.