• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
හමුදා සහයෝගිතාව වර්ධනය කිරීම, ඒ සඳහා පහසුකම් සැලසීම හා දිරිමත් කිරීම මෙන්ම දෙපාර්ශ්වය අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කරමින් අදාළ ශක්‍යතා වර්ධනය සඳහා ව්‍යුහයක් සැකසීම අරමුණු කරගනිමින්, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.