• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව කොරල් පර පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනෙහි සාමාජිකත්වය ලබාගැනීම
- ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක් වන නිවර්තන කොරල් පර හිමි රටවල් අතුරින් ශ්‍රී ලංකාව සුවිශේෂී වේ. දෘඩ කොරල් විශේෂ 193කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු තීරයෙන් වාර්තා වන අතර, එම කොරල් පර ආශ්‍රිතව 900කට අධික වෙරළාසන්න මත්ස්‍ය විශේෂ විවිධත්වයක් පවතින බව හඳුනාගනු ලැබ තිබේ. ධීවර, සංචාරක හා විසිතුරු මත්ස්‍ය කර්මාන්ත සඳහා ආර්ථික දායකත්වයක් මෙන්ම, මුහුදු ඛාදනය අවම කිරීම, දිය සුළි හමුවේ වෙරළ තීරය ආරක්ෂා කිරීම ආදි පාරිසරික දායකත්වයන්ද කොරල් පර මඟින් හිමි වේ. වර්තමානය වන විට මානව ක්‍රියාකාරම් මෙන්ම, සුළි කුණාටු, සුනාමි වැනි ස්වාභාවික තත්ත්වයන් හේතුවෙන්ද කොරල් පර හානියකට ලක්වීමේ දැඩි අවදානමක් උද්ගත වී තිබේ.

කොරල් සම්පත ආරක්ෂා කරගැනීමේ අරමුණින් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් වන කොරල් පර පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනෙහි (International Coral Reef Initiative) සාමාජිකත්වය ලබාගැනීම මඟින් කොරල් පර සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර හවුකාරිත්වයන්හි ප්‍රතිලාභ තවදුරටත් ලබා ගැනීමට අවධානය යොමු වී තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර කොරල් පර වැඩසටහනෙහි සාමාජිකත්වය ශ්‍රී ලංකාව විසින් ලබාගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.