• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්ධන මිල වැඩිවීමට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කිරීම
- 2018-05-11 දින සිට සිදු කරන ලද ඉන්ධන මිල වැඩි වීමට අනුව බස් ගාස්තු සංශෝධනය කරන ලෙස බස් සංගම් විසින් ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන ලද බස් ගාස්තු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම පිළිබඳ කටයුතු කරන නිලධාරි කමිටුව විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිර්දේශද සෑම වසරකම ජූලි මස බස් ගාස්තු සංශෝධනය කෙරෙන බවද සැලකිල්ලට ගෙන, බස් ගාස්තු වැඩි විය යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, 2018-05-16 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවම බස් ගාස්තුව රුපියල් 10/-ක් වන පරිදි, අනෙකුත් බස් ගාස්තු 6.56%කින් වැඩි කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.