• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
භූමිතෙල් සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙල
- 2018 05 09 දින අමාත්‍ය මණ්ඩලය විසින් ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අනුමත කරන ලද අතර, ඒ හේතුවෙන් සිදු වන ඉන්ධන මිල ඉහළ යාම මඟින් බලපෑමට ලක් වන විදුලිය නොමැති අඩු ආදායම්ලාභී පවුල්වලට සහ කුඩා පරිමාණ යාන්ත්‍රික බෝට්ටු භාවිත කරන ධීවර ප්‍රජාවට භූමිතෙල් සහනාධාරයක් ලබා දීම සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අදාළ ආයතනවලට උපදෙස් දෙන ලදී. ඒ අනුව, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, භූමිතෙල් මිල වැඩි වූ ප්‍රමාණය අනුව, මෙතෙක් ක්‍රියාත්මක වූ පරිදි භූමිතෙල් සඳහා සහනාධාරයක් ඉදිරියටත් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.