• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව, කදුරුවෙල පුලතිසි වෙළඳ සංකීර්ණය සහ කෘෂි ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම
- පොළොන්නරුව ගොවි ජනතාවගේ කෘෂි නිෂ්පාදන අලෙවි කරගැනීම සහ ප්‍රදේශයේ ජනතාවට එම නිෂ්පාදන මිල දී ගැනීම සඳහා පහසුකම් සලසනු පිණිස අක්කර 08ක භූමිභාගයක් පුරා විහිදුනු වෙළඳ කුටි 58කින්ද සමන්විත වෙළඳ සංකීර්ණයක් 'පිබිදෙමු පොළොන්නරුව' ජාතික වැඩසටහන යටතේ 2019 වසර වන විට ඉදි කිරීමට යෝජනා වී තිබේ.

කෘෂි ආර්ථික මධ්‍යස්ථානයක්, විවෘත අවන්හලක්, ළමා උද්‍යානයක්, වාහන ගාල් කිරීමේ හා අනෙකුත් පොදු පහසුකම්ද සහිතව මෙම වෙළඳ සංකීර්ණය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 623.2ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.