• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෙල්ලමන්කර ධීවර වරාය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ධීවර කර්මාන්තයේ යෙදෙන අඩි 40 - 60 ප්‍රමාණයේ ධීවර යාත්‍රා සඳහා අවශ්‍ය සියලුම සේවාවන් සහ පහසුකම් සැපයීම පිණිස මීටර 4ක ගැඹුරකින් යුක්තව සහ මීටර් 700ක් පමණ දිගින් යුත් දියකඩන දෙකක් සහිතව වෙල්ලමන්කර ධීවර වරාය ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

එම ධීවර වරාය ඉදි කිරීමේ ‍කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,862.25ක මුදලකට M/s. R.R. Construction (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස එවකට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව ඒ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ වත්මන් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා විසින් ලබා දෙන ලද එකඟතාවද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.