• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුලන්කාවිල් ජල සම්පාදන ක්‍රමය ඉදි කිරීම
- මුලන්කාවිල් ජල සම්පාදන ක්‍රමය මඟින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මුලන්කාවිල් ප්‍රදේශයේ පදිංචි දසදහසකට ආසන්න ජනතාවකට සුරක්ෂිත පානීය ජලය සැපයීමට අපේක්ෂා කෙරේ. එම ජල යෝජනා ක්‍රමය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 608.49ක මුදලකට M/s. Ceylex Engineering (Pvt) Ltd. සහ Prathibha Industries Limited ඒකාබද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.