• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 මිලාදුන් නබි උත්සවයට සමගාමීව මන්නාරම දිස්ත්‍රික්කය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- 2018 වසරේ ජාතික මිලාදුන් නබි උත්සවයේ ප්‍රධාන සැමරුම් උළෙල පැවැත්වීම සඳහා මන්නාරම දිස්ත්‍රික්කය තෝරා ගෙන ඇති අතර, එහි ප්‍රධාන උත්සවය මුස්ලිම් ජාතික පාසලේදී පැවැත්විමට නියමිතය. දීර්ඝ කාලයක් සුබසාධන කඳවුරුවල අවතැන්ව සිට නැවත තම ගම්බිම්වල පදිංචි කරවන ලද මුස්ලිම් ජනතාවගේ පොදු අවශ්‍යතා සහ මූලික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම උත්සවයට සමගාමීව සිදු කිරීමට යෝජනා කර ඇති සංවර්ධන කාර්යයන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මධ්‍යම රජයේ, උතුරු පළාත් සභාවේ සහ අනෙකුත් ආයතනවල සක්‍රීය දායකත්වය ලබාගැනීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.