• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්, බාහිර පුද්ගලයන් හා ආයතන වෙත බදු පදනම මත බැහැර කිරීම
- ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් වාණිජ හා කෘෂිකාර්මික කටයුතු සඳහා බැහැර කිරීම 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව අදාළ අමාත්‍යවරයාගේ අනුමැතිය මත සිදු කළ යුතු වේ. නමුත් සීමිත අවස්ථාවන්හිදි හැර අන් සෑම අස්ථාවකදීම මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු බවට 2011 වර්ෂයේදී තීරණය කරනු ලැබ තිබේ. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී වඩාත් විනිවිද භාවයකින් යුක්තව නිවැරදි පුද්ගලයින් තෝරා ගැනීම සඳහා ක්‍රමවේදයක් යෙදීමට යටත්ව, ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුවක නිර්දේශ පදනම් කරගෙන, උපරිම අක්කර 5ක් දක්වා ඉඩම් බැහැර කිරීම පනතේ විධිවිධානවලට අනුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විෂය භාර අමාත්‍යවරයා විසින් සිදු කළ හැකි බව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.