• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සඳහා ශ්‍රවණාගාරයක් ඉදි කිරීම
- රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප්ලාභී නොවන සියලු දෙනා වෙත විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ක්‍රියාත්මක වේ. මෙම ආයතනයේ කටයුතු ප්‍රවර්ධනය කිරීමේදී ප්‍රාදේශීය නිලධාරින් පුහුණු කිරීම්, සම්මන්ත්‍රණ පැවැත්වීම් ආදී කටයුතු සඳහා ශ්‍රවණාගාරයක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයෙහි ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ලේ ඉහළ මහල ශ්‍රවණාගාරයක් වශයෙන් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.