• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස්වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම
- පාලි ධර්ම ග්‍රන්ථයන්හි ලේඛනගත කොට ඇති බෞද්ධ ධර්මය අවබෝධ කරගැනීම හා අනුගමනය කිරීම පිණිස ශිෂ්‍ය ප්‍රජාවට අධ්‍යාපනය ලබා දෙන සෑම උසස් අධ්‍යාපන ආයතනයක්ම සම්බන්ධ කරන ජාත්‍යන්තර එකමුතුවක් වශයෙන් ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමය ක්‍රියාත්මක වේ. එම සංගමයේ 5 වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2018 නොවැම්බර් 27, 28 හා 29 යන දිනයන්හිදී කොළඹ හා අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සහයෝගිත්වය යටතේ එම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිණිස සත්කාරකත්වය දැරීම සඳහා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.