• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හොරණ 'සොරණවත්ත' ඉඩම මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම
- වැලිකඩ බන්ධනාගාර හා ඊට අදාළ ආයතන ප්‍රතිස්ථාපනය කිරීම සඳහා හොරණ ප්‍රදේශයේ පිහිටි 'සොරණවත්ත' නම් ඉඩම යොදා ගැනීමට සැලසුම් කර තිබුණද, ප්‍රදේශයේ ජනතාවගේ හා දේශපාලන නායකයින්ගේ ඉල්ලීම හමුවේ එම කටයුතු අත්හිටුවනු ලැබ තිබේ. ඒ අනුව, වැලිකඩ බන්ධනාගාරය ප්‍රතිස්ථාපනය සඳහා වෙනත් සුදුසු ඉඩමක් හඳුනාගැනීමට කටයුතු කෙරෙමින් පවතියි. එබැවින්, හොරණ 'සොරණවත්ත' ඉඩම මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් හා ඒ ආශ්‍රිත පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යොදා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.