• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දෘශ්‍යාබාධිත හෝ යම්කිසි දුබලතාවක් හේතුවෙන් මුද්‍රිත මාධ්‍ය පරිශීලනය කළ නොහැකි (print disabled) පුද්ගලයින් වෙනුවෙන් මුද්‍රිත මාධ්‍ය නැවත නිෂ්පාදනය කිරීමට හා බෙදා හැරීමට හැකි වන පරිදි, ප්‍රකාශන හිමිකම් අයිතිය (Copy Right) සම්බන්ධ ව්‍යතිරේක හඳුන්වා දීම සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම
- මුද්‍රිත මාධ්‍ය පරිශීලනය කිරීමේ දුබලතාවක් සහිත පුද්ගලයින්ට, ප්‍රකාශයට පත් කළ කෘතීන් පරිශීලනය කිරීමට හැකියාව ලැබෙන පරිදි, ඒවා නැවත නිෂ්පාදනය කිරීමට හා බෙදාහැරීමට අදාළව ප්‍රකාශන හිමිකම් අයිතිය (Copy Right) සම්බන්ධයෙන් පනවා ඇති සීමා කිරීම් ලිහිල් කිරීම පිණිස ව්‍යතිරේක මාලාවක් හඳුන්වා දීම සඳහා ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පරිපාලනය කෙරෙන 'මරකේෂ් ගිවිසුම' (Marrakesh Treaty) මඟින්, සාමාජික රාජ්‍යයන් වෙත මඟපෙන්වනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාව විසින් මරකේෂ් ගිවිසුම අපරානුමත කිරීමට පෙර දැනට පවතින ප්‍රකාශන හිමිකම් නීතීන් හා සම්බන්ධයෙන් වූ ව්‍යතිරේක මාලාවක් ඇතුළත් කරමින් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට 2016 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, සකස් කරනු ලැබ ඇති 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.