• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාවික ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව හා කොරියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- නාවික ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා තාක්ෂණික තොරතුරු දෙරට අතර හුවමාරු කරගැනීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය හා කොරියානු ජනරජයේ සාගර හා ධීවර කර්මාන්ත අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.