• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෝ නොවන රෝග සඳහා හේතු ‍වන අවදානම් සාධක පියවර වශයෙන් හඳුනා ගැනීමේ ජාතික සමීක්ෂණය - 2018
- මෙරට බෝ නොවන රෝග ව්‍යාප්තිය තීරණය කිරීම සහ බෝ නොවන රෝග වැළැක්වීම හා පාලනය කිරීම පිණිස සැලසුම් සකස් කිරීමට අවශ්‍ය දත්ත රැස් කිරීම අරමුණු කරගනිමින්, බෝ නොවන රෝග සඳහා හේතු ‍වන අවදානම් සාධක පියවර වශයෙන් හඳුනා ගැනීමේ ජාතික සමීක්ෂණය (STEPS) පවත්වනු ලැබේ. 2003 වර්ෂයේ සිට සෑම අවුරුදු 05කටම වරක් බැගින් මෙම ජාතික සමීක්ෂණය සිදු කෙරෙන අතර, 2018 වර්ෂයේදී එම සමීක්ෂණය නැවත සිදු කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 50ක ඇස්තමේන්තුගත පිරිවැයක් දරමින් STEPS ජාතික සමීක්ෂණය 2018 වර්ෂයේ අගෝස්තු මාසයේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.