• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර දිස්ත්‍රික්කයේ සිදු වූ ගැටලුකාරී සිදුවීම් හේතුවෙන් හානි වූ ව්‍යාපාරික දේපළ සඳහා සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබා දීම
- 2018 මාර්තු මස මුල් සතියේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය මූලික කරගනිමින් ඇති වූ ගැටලුකාරී සිදුවීම් හේතුවෙන් හානියට පත්ව ඇති ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා 'අත්වැල ණය යෝජනා ක්‍රමය' මඟින් අදාළ කොන්දේසි හා නියමයන්ට යටත්ව, 2%ක සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2018 03 20 දින අනුමැතිය දෙන ලදී. එහෙත් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දිය හැකි උපරිම ණය මුදල රුපියල් 500,000/-ක් පමණක් වේ. ව්‍යාපාරික ස්ථාන සඳහා සිදු වී ඇති හානි සැලකිල්ලට ගැනීමේදී මෙම උපරිම ණය මුදල ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කය තුළ එලෙස හානි වූ ව්‍යාපාර දේපළ සඳහා 2%ක සහනදායී පොලී අනුපාතය යටතේ අත්වැල ණය යෝජනා ක්‍රමය මඟින් ලබා දෙනු ලබන උපරිම ණය මුදල රුපියල් මිලියනයක් දක්වා වැඩි කිරීම පිණිස රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.