• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවට නව සාමාජිකයන් පත් කිරීම
- ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය මුදල් අමාත්‍යාංශය යටතේ 2006 වර්ෂයේදී ස්ථාපිත කරන ලද අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ ජාතික ප්‍රතිපත්තිය හඳුන්වා දීමත් සමඟ එය 'මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුව' නමින් නැවත නම් කරන ලදී. තාක්ෂණික දියුණුවත් සමඟ මූල්‍ය අපරාධ දිනෙන් දින සංකීර්ණ වී ඇති අතර, මීට සාර්ථකව මුහුණ දීම සඳහා විවිධ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනර‍ාල්, සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනර‍ාල්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් හා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින්ද ඇතුළත් වන පරිදි 'මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ' සංයුතිය පුළුල් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.