• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය ස්ථාපිත කිරීම
- හෙළයේ මහා ගාන්ධර්වයානන් ලෙස හඳුන්වනු ලැබූ නැසී ගිය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ට කෘතගුණ සැලකීමට හා එතුමා විසින් හඳුන්වා දෙන ලද සංගීත ආභාසය අනාගත පරපුර උදෙසා ජාතික උරුමයක් කොට සලකා සුරක්ෂිත කර දීම පිණිස 'අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය' නමින් ආයතනයක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.