• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මන්නාරම, මඩු දේවස්ථානය අවට නිවාස 300 ක් ඉදි කිරීම
- ශ්‍රී ලංකාවේ පවතින පූජනීය ස්ථාන අතුරින් මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මඩු දේවස්ථානයට සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර, එය දේශීය හා විදේශීය කිතුණු බැතිමතුන්ගේ මෙන්ම අනෙකුත් බැතිමතුන්ගේද ගෞරවයට හා වන්දනාවට පාත්‍ර වී ඇත.

වන්දනා සමයන්හිදී මෙහි පවතින නවාතැන් පහසුකම් ප්‍රමාණවත් නොවීම සැලකිල්ලට ගෙන මඩු දේවස්ථානයට පැමිණෙන සංචාරකයින් හා බැතිමතුන්ගේ පරිහරණය සඳහා නිවාස ඒකක 300ක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 300ක මූල්‍ය අනුග්‍රහයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ. ඒ අනුව, එම මූල්‍යාධාරය ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.