• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
- මෙරට සෞඛ්‍ය පද්ධතියේ ඇති ඉහළ ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව හේතුකොට ගෙන විවිධ සෞඛ්‍ය දර්ශකයන්හි යහපත් ස්ථානයක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. එසේ වුවද, බෝ නොවන රෝගවලින් සිදු වන මරණ සංඛ්‍යාවෙහි ඉහළ යාමක් මෙන්ම වසංගත රෝග පැතිර යාමේ නව ප්‍රවනතාවන්ද ඇති වී තිබේ. ක්‍රමයෙන් වැඩි වන වියපත් ජනගහනය සඳහා සෞඛ්‍ය පහසුකම් සැලසීමේ අවශ්‍යතාවද මතු වී තිබේ. එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය සවිමත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වී ඇත.

ඒ අනුව, මෙරට ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 200ක පමණ මුදලක් ලබාදීමට ලෝක බැංකුවට අනුබද්ධ ආයතනයක් වන ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව විසින් එකඟ වී තිබේ. එම ණය මුදල ලබාගැනීම සඳහා එම බැංකුව සමඟ මූල්‍ය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.