• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්ලයිෆොසේට් භාවිතයේ බලපෑම පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කිරීම
වල්නාශකයක් වශයෙන් ග්ලයිෆොසේට් භාවිත කිරීම ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට රජය විසින් ගන්නා ලද තීරණය හේතුවෙන් මෙරට වැවිලි ක්ෂේත්‍රය‍ට එල්ල වී ඇති අයහපත් බලපෑම සැලකිල්ලට ගෙන, සීමිත තත්ත්වයන් යටතේ වැවිලි ක්ෂේත්‍රය සඳහා පමණක් ග්ලයිෆොසේට් භාවිතයට අවසර දීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී. එම කමිටුවේ නිර්දේශය පරිදි, ග්ලයිෆොසේට් අධිභාවිතය, අවභාවිතය සහ ජල මූලාශ්‍ර වෙත කාන්දුවීම වැළැක්වීම සඳහා නිසි අධීක්ෂණ යන්ත්‍රණයක් පිහිටුවීමට යටත්ව, දැඩි පාලනයක් යටතේ, තේ සහ රබර් වගාවන් සඳහා පමණක් මාස 36ක කාල පරිච්ඡේදයක් සඳහා ග්ලයිෆොසේට් භාවිත කිරීමට අවසර දීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.