• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණිය පැරණි දුම්රිය පාලම ඉදි කිරීම
ඉහළ යන දුම්රිය මගීන්ගේ සංඛ්‍යාව හා දුම්රිය ධාවන වේගය වැඩි කිරීමේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනා ගනු ලැබ තිබේ. ඒ යටතේ, 1881 වර්ෂයේ ඉදි කර ඇති කැලණිය පැරණි දුම්රිය පාලම වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නැවත ඉදි කිරීම සඳහා ව්‍යාපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ සඳහා යුරෝ මිලියන 9ක් පමණ වැය වන බවට ඇස්තමේන්තුගත කර තිබේ. මෙම සමස්ත පිරිවැය දැරීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමට ඔස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුව (UniCredit Bank Austria AG) එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ණය මුදල ලබාගැනීම සඳහා එම බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.