• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ නැවීමේ ව්‍යාපෘතිය (PSEP)
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමට හා ඒවායේ හැකියාවන් වර්ධනය කිරීම පිණිස යුරෝ මිලියන 10ක ප්‍රදානයක් ලබා දීමට යුරෝපා සංගමය එකඟ වී ඇති අතර, එම අරමුදල් ලබාගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ ප්‍රදාන ගිවිසුමට එළඹීමටත්, ඒ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තැබීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත බලය පැවරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.