• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපාන රජය, ඉන්දියානු රජය, චීන රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව ද්‍රවීකෘත ස්වාභාවික වායු විදුලි බලාගාර 03ක් ස්ථාපිත කිරීම
රජයකින් රජයට ලබා දීමේ පදනම මත ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර 03ක් මෙරට ස්ථාපනය කිරීමට අනුග්‍රහය දැක්වීමට චීනය, ජපානය හා ඉන්දියාව කැමැත්ත පළ කරනු ලැබ තිබේ. 2021 වර්ෂයෙන් පසු මෙරට බලශක්ති ඉල්ලුමෙහි ඇති වන ඉහළ යාම සැලකිල්ලට ගෙන, ජාතික ආර්ථික සභාවේ නිර්දේශය පරිදි, චීන රජය හා ඒකාබද්ධව හම්බන්තොට ප්‍රදේශයේ මෙගාවොට් 400ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද, ජපාන රජය හා ඒකාබද්ධව මෙගාවොට් 500ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද, ඉන්දියානු රජය හා ඒකාබද්ධව මෙගාවොට් 500ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද ඉදි කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.