• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාදම්පිටිය, කිඹුලා ඇළවත්ත නිවාස ව්‍යාපෘතියේ උපරි ව්‍යුහ වැඩ සැලසුම් කිරීම, ඉදි කිරීම හා මූල්‍යනය කිරීම
නිවාස ඒකක 472කින් සමන්විත මාදම්පිටිය, කිඹුලා ඇළවත්ත අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතියේ උපරි ව්‍යුහ වැඩ සැලසුම් කිරීම, ඉදි කිරීම හා මූල්‍යනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 2,247ක මුදලකට M/s.CML-MTD Construction (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.