• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දියවැඩියා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම
දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන ඖෂධයක් වන බයිපසික් අයිසොපේන් ඉන්සියුලින් එන්නත් 1,350,000ක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඇමරිකන් ඩොලර් මිලියන 2.55ක මුදලකට, ඩෙන්මාර්කයෙහි Novo Nordisk A/S වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.