• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් සැපයීම
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් සැපයීම හා ස්ථාපනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ප්‍රංශයේ M/s. Thales Air Systems S.A.S. වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.