• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව තුළ ආයෝජන සේවා සැපයීම සඳහා තනි කවුළු ආයෝජන පහසුකම් සැලසීමේ කාර්ය සාධන බලකායක් ස්ථාපනය කිරීම
ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන ආයෝජකයින්ට රජයේ විවධ ආයතන මඟින් ලබා දෙනු ලබන අනුමැතීන්/ බලපත්‍ර 14ක් පමණ වර්තමානයේ ලබාගැනීමට සිදු වේ. ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වීම ආයෝජකයින් අධෛර්වත් කිරීමට හේතු වේ. මෙහිදී සම්බන්ධීකරණ ආයතනය වශයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ක්‍රියාත්මක වුවද, අනෙකුත් අදාළ රජයේ ආයතනවල පවතින විවිධ ගැටලු හේතුවෙන් එම ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමේදී බාධා එල්ල වී තිබේ. මෙයට පිළියමක් වශයෙන් නිසි සම්බන්ධීකරණයක් සහ පසු විපරම් කිරීමේ හා නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සහිතව ආයෝජකයින් වෙත පහසුකම් සැලසීමේ තනි කවුළු කාර්යසාධක බලකායක් (Single Window Investment Facilitation Taskforce) පිහිටුවීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.